Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා වසංගත තත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සති අන්තයේ රට ලොක්ඩවුන් තත්වයකට පත් කිරීමට සුදානම් බවට සමාජ ජාල මාධ්‍යය පුරා ප්‍රවෘත්තීන් පලවී තිබුණා.

කෙසේ නමුත් සති අන්තයේ රට වසා දැමීමට හෝ නීති පැනවීමට බලාපොරොත්තුවක් දැනට නොමැති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කොවිඩ්-19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එමෙන් ම, ඉදිරියේදී යම් ප්‍රදේශයක කොවිඩ් රෝගීන් බහුලව හමුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමට අනිවාර්යෙන් ම පියවර ගන්නා බව ද යුද්ධ හමුදාපතිවරයා එහිදී සඳහන් කළේ ය.

තව ද සති අන්තයේදී නගර අතර සංචරණය කිරීම අඩුකරන ලෙසත් එක් රැස්වීම් හැකිතාක් අවම කරන ලෙසත් යුද්ධ හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කර ඇති අවුරුදු උත්සව ආදී කටයුතු, විනෝද චාරිකා යාම ආදියෙන් වළකින ලෙස ද යුද්ධ හමුදාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *