Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත්, දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සියලුම විශේෂඥවරුන්ගේ මතය බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද කියයි.

දින 14ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සංඛ්‍යලේඛන කුමක් වුවත් මේ වන විට රෝගීන් වාර්තාවීමේ වේගය සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි කී වෛද්‍යවරයා මේ ආකාරයට රෝගීන් වාර්තා වුවහොත්, පැය 6කට හෝ 4කට වරක් ඇඳන් 1000ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය බැගින් විවෘත කරන්නට සිදුවනු ඇතැයි ද කීවේය.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව වැඩිකර මෙම තත්වය පාලනය කළ නොහැකි බව කී වෛද්‍යවරයා පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වැඩි වුවහොත් දරුණු තත්වයක් ඇතිවනු ඇතැයි ද පැවසීය.

අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාවට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් අද දිනය තුළ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දින 14ක් දැඩි සංචරණ නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරිනීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිත කරලා, ඉදිරි දින 14 තුළ සංචරණ හැකි තරම් අඩු කරන්න කියලා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා

ඇඳන් වැඩිකර වසංගතය පාලනය කළ හැකි නම් ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලටත් මෙය පාලනය කරන්නට හැකියාව තිබූ බව කී සෙනාල් ප්‍රනාන්දු මහතා ඉදිරි දින කීපය තුළ ගන්නා තීන්දු තීරණ මත රටේ ඉදිරිය තීරණාත්මක වනු ඇතැයි ද කීවේය.

එමෙන්ම මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබූ බව කී වෛද්‍යවරයා වසංගත රෝග විද්‍යා අංශය එය ක්‍රමානුකූලව නොකිරීම ගැන තම සංගමයේ නොසතුටක් තිබෙන බව සඳහන් කළේය.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මෙන් තුන්ගුණයක රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවය.

ඇය ද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, 

සමාජය තුළ තමවත් පැතිරීම සිදුවෙනවා. ශීඝ්‍රයෙන් පැතිරෙනවා නව ප්‍රභේදය. එයින් මරණ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන් ම අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියෙන්න. මොකද එහෙම වුනොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරියක් ලෙස මම නිර්දේශ කරනවා. යනුවෙනි.

Sharing is caring!

1 Comment

  • Devika, 2021-05-23 @ 8:38 AM Reply

    Please ask government to give authority to private hospitals to bring down vaccine or even government can bring required 44 m dose of good vaccine as Pfizer, majority can afford to pay for vaccine and the rest give free of charge to people who can’t afford to pay , don’t delay this waiting for FOC vaccine buy small amounts snd put the people lives in danger, and if vaccination can complete, so called economy can protect.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *