Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සති දෙකක කාලයක් සඳහා ලොක්ඩවුන් නොඑසේනම් රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.

ඊයේ දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දින 14කට සම්පුර්ණ සංචරණ සීමා හෝ ඇඳිරි නිතිය පනවන ලෙස ජනාධිපති තුමාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කරනු ලැබුවා. කෙසේ නමුත් මේ වනවිටත් ඒ සම්බන්ධව රජය විසින් කිසිඳු නිළ නිවේදනයක් නිකුත් කොට නැහැ.

විවිධ සමාජ ජාලා ඔස්සේ ව්‍යාප්ත වන තහවුරු නොවූ පුවත් සහ ව්‍යාජ පුවත් හේතුවෙන් ජනතාව කලබල වී ජන ඒකරාශී වීම් සිදු නොකළ යුතුයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *