Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සතොස සේවකයන් රාජකාරී කටයුතුවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම ඇතුළු නඩු 02 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු 03 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබෙනවා.

එවකට සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෆාකීර් යන දෙදෙනාද නිදහස් කල අය අතර වේ.

අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 05 කින් 02 කට අදාළව විත්තිකරුවන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පත් ගොණු කර තිබුණා.

ඒවායින් ඔවුන් නිදහස් කිරීම හමුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින්ද නිදහස් කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *