Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනයට යොදාගත් වෑන් රථයේ හිමිකරු සහ එහි රියදුරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඝාතකයින්ට රුපියල් ලක්ෂ 08ක මුදලකට වෑන් රථය ලබා දී ඇති බවට යි අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙන අමිල හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා පසුගිය දා මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී කොටවිල – වරකපිටිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වුණා.

පසු ව ඝාතනයට යොදාගත් මෝටර් රථය පොලිසිය මගින් සොයා ගැනුණේ තිහගොඩ – බණ්ඩත්තර ප්‍රදේශයේ අතහැර ගොස් දමා තිබියදි යි.

මෙම ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙන රුවන් චින්තක හෙවත් හරක් කටාගේ සමීපතමයෙකු වෙන ගනේෂ් නැමැත්තා මීට පෙර අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සහ සී.සී.ටී.වී. දර්ශන පිරික්සීමේ දී හෙළි වූ තොරතුරුවලට අනුව යි වෑන් රථයේ හිමිකරු සහ රියදුරු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *