Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙනවා.

මේ අතර ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙන්නේ.

මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක- 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වන බවත් ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිත‍යි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම බදු සහනය ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටින්නේ, නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇති බවයි.

ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර ඇති බව දැනුම් දෙන ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ, දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී බවයි.

මේ අතර නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වන බව එම නිවේදනයේ සඳහන් කරනවා.

මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දීමට අපේක්ෂා කරන අතර සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *