මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද අනුරාධපුර සඳ හිරු සෑ කොත්වහන්සේගේ චූඩාමාණිඛ්යය තැම්පත් කිරීම ඊයේ (08) දින සිදුකළේය.
වර්ෂ 2010 නොවැම්ර් මස 11 වැනි දින සඳහිරු සෑය ඉදිකිරීම සඳහා පළමු පස්පිඩැල්ල කපන ලදී. එතැන් සිට පුරා වසර 11ක් තිස්සේ දාගැබ්වහන්සේ ඉදිකිරීමේ කටයුතු ත්රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකායේ ශ්රම පූජාවෙන් සිදුවිය.
සඳහිරු සෑ දාගැබ්වහන්සේ සුසනට පූජා කිරීම එළඹෙන 18 දා ජනාධිපතිවරයාගේ හා අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.