සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු හදුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අද දින හදුනාගත් ආසාදිතයන් 174ත් සමගයි.
සපුගස්ගන්ද තෙල් පිරිපහදුවේ මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සියළු ආයතනවල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.