Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චෝදනා ලැබූ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායකවරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය.

දඬුවමට අමතරව රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් ද ගෙවන ලෙස නියම කළේය.

මෙසේ අත්හිටවූ සිරදඩුවම් නියම වූයේ හලාවත සමගි ජනබල වේගයේ ආසන සංවිධායක සහ හිටපු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාටය.

2013 වර්ෂයේ අයුතු ජනරාශියක් ඇති කිරීම, පහරදීම, දේපළ හානි සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *