Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෛනික කොවිඩ් වාර්තාවට අනුව, අද (11) දිනයේ මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,802ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 1,882ට අමතරව තවත් ආසාදිතයින් 914 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණි 06 දෙනෙකුද හඳුනා ගැනීමත් සමඟ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 483,274ක් දක්වා ඉහළ ගියා.

ප්_රවෘත්ති-නිවේදනය-927

එමෙන්ම ඊයේ (10) දින තවත් කොවිඩ් මරණ 157ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම කොවිඩ් මරණ 157න් 87 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 70දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළ ගියා.

ප්_රවෘත්ති-නිවේදනය-926

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,605ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 411,233ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *