Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඩයිනෝසෝර් සත්ත්වයන් පිළිබඳව අප අසා තිබුනත් ඔවුන් සැබවින්ම ජීවත් වූ යුගයක් ගැන කිසිඳු නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.

නමුත් වසර මිලියන 66ක් පැරණි ජීවය පවතින බවට විශ්වාස කරන පරිපූර්ණ ලෙස සංරක්ෂණය කර ඇති ඩයිනෝසෝර කළලයක් සොයා ගත් බව ගැනීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.

2 6

මේ හරහා ඩයිනෝසෝර් සත්ත්වයන් මෙන්ම වර්තමාන පක්ෂීන් අතර පවතින විද්‍යාත්මක සබඳතා සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති.

ජීවය පවතින බවට විශ්වාස කෙරෙන මෙම ඩයිනෝසෝර් පොසිල කළලය දත් රහිත තෙරොපොඩ් ඩයිනොසෝරයෙකු හෝ ඕවිරැප්ටෝරෝසෝරයෙකු ලෙස විශ්වාස කෙරෙන අතර එය නම් කර ඇත්තේ ‘බේබි යින්ග්ලිඈන්ග් (Baby Yingliang)’ ලෙසිනි.

6 2

මෙම ඩයිනෝසේර් බිත්තරය අඟල් 6.7ක දිගකින් යුක්ත වන අතර ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ බිත්තරය තුළ තිබෙන ඩයිනෝසේර් පැටවා අඟල් 10 දශම 6ක් පමණ දිගකින් යුක්ත බවයි.

දකුණු දිග චීනයේ ගැන්සූ (Ganzhou) ප්‍රදේශයෙන් මෙම බිත්තරය සොයාගෙන තිබුණේ 2010 වසරේ දී වන අතර, එය වසර 10කට ආසන්න කාලයක් සංරක්ෂණය කර ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු මෙම නව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

5 2

පර්යේෂක ආචාර්ය ෆියෝන් වයිසම් මා (Dr Fion Waisum Ma) පැවසා ඇත්තේ එය “ඉතිහාසයේ මෙතෙක් හමු වූ හොඳම ඩයිනෝසෝර කළලය” බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.