Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිනොවැක් සහ සයිනොෆාම් වැනි අක්‍රීය කරන ලද එන්නත් තුළින් ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා ගත් මෙරට ජනතාව අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව ලබාගත යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“චීන සයිනොෆාම් සමාගම අපිට දන්වලා තියෙනවා එළඹෙන සතිය තුළ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට ලබාදෙනවා කියලා. එවිට අපි තවත් දිස්ත්‍රික්ක12ක එන්නත්කරණ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනවා. ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික්, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා. හැබැයි සිනොවැක් සහ සයිනොෆාම් වගේ අක්‍රීය කරන ලද එන්නත් තුළින් ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ දෙවන මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව ලබාගත යුතුමයි.”

ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කරන ලද, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබීය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, රජය විසින් ඇනවුම් කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙම එන්නත් තොගය අද දිනයේ හිමි වූ බවය.

එම තොගය සහ මීට පෙර අවස්ථා 2කදී චීන ආධාර ලෙස ලබාදුන් එන්නත් මාත්‍රා ලක්ෂ 11ද සමගින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 21කි.

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලබන සතියේ ඇනවුම් කිරීමට නියමිතය.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දීය ආධාර ලෙස මෙරටට හිමි වූ අතර තවත් මාත්‍රා ලක්ෂ 5ක් රජය විසින් මිලදී ගනු ලැබීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *