Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්වය උද්ගතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් ෆේස් බුක් ගිණුම වෙත ප්‍රකාශයක් එක කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබේ.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මස දී බවත් ඒ සමයේ දී විදුලි බිල රු. 25000 – 30000 වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 3,30,000, 55,000, 75,000, 90,000 වැනි අගයන්ගෙන් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර එහි පෙර සිටි තැනැත්තාගේ නමට බව ද ඇමතිවරයා කියා සිටී.

මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා තමන් ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකක දී ලිඛිතවත්, අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබා දීමත් කළ නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලි බිල ඉල්ලා සිටි අවස්ථාවේ තමාට ලක්ෂ 70 ක බිල්පතක් එවා ඇත්තේ ද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා පවසයි.

ජනවාරි මාසයේ දී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට ලදුපත නිකුත් කර ඇත්තේ ද තමන්ට පෙර නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බව පවසන කෙහෙළිය රඹුක්වැල්ල මහත මෙවැනි අවුල් සහගත තත්වයක් තුළ පවා එවැනි විශාල මුදලක් ගෙවීමට කටයුතු කළේ රටේ වගකිව යුතු පුද්ගලයෙකු නිසා බවත් සඳහන් කර ඇත.

මේ වනවිට මේ කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.