Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් සිදු කරන ලබන විමර්ශන අනුව හිඟුල ප්‍රදේශයේ 25 හැවිරිදි සැකකරුවෙක් මහනුවර ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ මොහොමඩ් සහරාන් පවත්වාගෙන ගොස් තිබූ අන්තවාදී දේශන ඇතුළත් පුහුණු කඳවුරකට ඔහු සහභාගී වී ඇති බවයි. 

ඔහු පාස්කුත දින ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීම, අන්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීම සහ තොරතුරු වසන් කිරීමත් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. 

සැකකරු රඳවා තබා ගෙන තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.