පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් අත්අඩංගුවට ගන්න නිර්දේශ කරමින් යපසුගිය රජයට ලබා දුන් වාර්තාවක් බවට පැවසෙන ලිපියක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සිය Facebook ගිණුමේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙය එවකට බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කළ අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා වෙත සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින් යවන ලද බුද්ධි වාර්තාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

