උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.