අගමැතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවෙක් සමග තමන් සාකච්ඡාවට සූදානම් නැති බව ගෝල්ෆේස් අරගලයේ නිරතවී සිටින ජනතා ක්රියාකාරීහු පවසති.
ගෝල්ෆේස් අරගලයේ නිරතව සිටින අය සමග උද්ගතව ඇති ගැටලු සම්බන්ධව තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවට අගමැතිවරයා කළ දැනුම් දීමට අරගල කරුවන්ගේ ප්රතිචාරය කුමක්දැයි සොයා බැලීමට අප අද (13) දහවල් ගෝල්ෆේස් භූමියට ගොස් මෙම අරගලයේ විවිධ අංශ සංවිධානය කරන ක්රියාකාරීන් සමග කළ සාකච්ඡාවක දී ඔව්හු මේ බව සඳහන් කළහ.
ඔවුන් පැවසුවේ ඉදිරියේදී මේ සම්බන්ධව වඩාත් පැහැදිලි ලිඛිත ප්රකාශයක් අගමැතිවරයා වෙත ලබා දෙන බවයි. රට මේ තරම් බිහිසුණු අගාධයකට රට ඇද වැටුණු පසු මේ තරම් විසල් ජනතා හඬක් රාජපක්ෂලාට එරෙහිව රට වටෙන් මෙන්ම විදේශීය ශ්රී ලාංකිකයන්ගෙනුත් නැගෙමින් තිබිය දී අගමැති, ජනපති ආණ්ඩුවේ එල්ලී සාකච්ඡා සඳහා ඇරයුම් කරන්නේ කුමක් විසඳා දෙන්නදැයි ඔවුහු විමසති.
අගමැති සහ ජනපති ඇතුළු මේ රාජපක්ෂලාගේ අණ්ඩුව ඉල්ලා අස්වනතෙක් මේ ජන අරගලය අඛණ්ඩව ඉදිරයෙට ගෙන යෑමට සැලසුම් කර ඇති බව ද ඔවුහු පවසති. අවුරුද්ද ගෙවෙන මේ මොහොතේත් අම්මලා තාත්තාල ගෑස් පෝලිම්වල බවත්, ඉන්ධන පෝලිම් සෑම ඉන්ධන පිරවුම්හලකම කිලෝ මීටර ගණනක් දුරට ඇති බවත් මිනිස්සු හාමත් වී ලිප ගිනි නොදැල්වුනු සිංහල අලුත් අවුරද්දක් ඉතිහාසයේ නොතිබුණු බවත් අගමැතිවරයාට සිහි කරන බවද එම ප්රකාශකයෝ කීහ.
“මුලින්ම ඉල්ලා අස්වෙන්න… දැනට ඔබට දෙන පණිවිඩය එයයි…“ අරගල කරුවෝ අවසන් වශයෙන් කීහ.
මේ වනවිට මුළු ලෝකයේම අවධානය ගෝල්ෆේස් අරගල භූමිය වෙත යොමු වී තිබීම විශේෂත්වයකි.