Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරාගේ මරණය සහ ඔහුට සහය දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොයිම්බතූර් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව ඔවුන් තිදෙනා ඇප මත මුදා හැර ඇති බවයි.

ඒ අනුව, අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ අමානි තාන්ජි, නීතිඥ සිවකාම සුන්දරී සහ ඇයගේ සහයක දිනනේස්වරන් යන තිදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඔවුන්ට ඇප හිමි වී ඇත්තේ, ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 60කට අධික කාලයක් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර නොතිබීම සැලකිල්ලට ගනිමිනුයි.

35 හැවිරිදි අංගොඩ ලොක්කා 2017 වසරේදී ඉන්දියාවට පළාගොස් තිබූ අතර ඔහු කොයිම්බතූර්හි චෙරන් මා නගර්හි වාසය කර තිබිණි. ඔහු ප්‍රදීප් සිං යන ව්‍යාජ නාමයෙන් පෙනී සිට ඇති අතර පසුගිය ජූලි 3 වන දා ජීවිතක්ෂයට පත්වුණා.

ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය කෙරුණේ, අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *