Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල – කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තබෙන බව තහවුරු වුණා.

ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.

මෙම පුද්ගලයා ඉකුත් 16 වෙනිදා රාත්‍රියේ දී නිවසට පැමිණ ඇති අතර පසුව ඊයේ (18) උදැසන PCR පරික්ෂණය සදහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදී තිබෙනවා.

අද දින එම PCR පරික්ෂණ වාර්තාව ලැබුණු බවත්, ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි තහවුරු වී ඇත්තේ.

එම පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන අතර ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බවයි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසුවේ.

ඒ අනුව එම සේවකයාගේ බිරිද, දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කොට තිබෙන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *