Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට පවතින වර්තමාන තත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

විභාගය පවත්වන නව දිනය සති 06කට පෙර දැනුම් දෙන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ.

මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි.

ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සියලු ක්ෂේත්‍රවල ප්‍රධානීන් සමග සාකච්ඡා අද හෝ හෙට අවසන් තීරණය ගන්නා බව අමාත්‍යවරයා ඊයේ (30) පැවසුවා.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණය කළ බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පැවසුවේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *