Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල ලබන සතියේදී නිකුත් කරන බවත් එම ප්‍රථිපල විභාග දෙපාර්ථමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගැනීම සඳහා සියලු විදුහල්පතිවරුන්ට පහසුකම් සලසා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

එමෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද තමන්ගේ කලාපයට අයත් සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන බාගත කර ගත හැකි බවයි ප්‍රසිද්ධ පුවත්පතක් සඳහා අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ.

මින් පෙර විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනම එම ප්‍රතිඵල ලේඛන මෙතෙක් ලබා ගැනීමට හැකි වූයේ කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයන්හි පාසල්වලට පමණයි.

එම පාසල්වල විදුහල්පතිවරුන්ට දෙපාර්තමේන්තුවට පැමිණ එම ලේඛන ලබා ගත හැකි වූ අතර සෙසු සියලුම පාසල්වලට එම ලේඛන යවනු ලැබුවේ තැපෑලෙනි.

තැපැල් බෙදා හැරීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය මත වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමේ පහසුකම් සැලසූ බවත්, තැපැල් දෙපාර්මේන්තුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම සියලුම ප්‍රතිඵල ලේඛන තැපැල් මගින් යවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ඉකුත් දෙසැම්බර් මස පැවති සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බවත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල ඒ වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.