Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තිහගොඩ ප්‍රදේශයේදී හිසට වෙඩි වැදුන 14 හැවිරිදි සිසුවාගේ දෙවැනි ශල්‍ය කර්මයත් සිදුකර අවසන්ය.    

කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බවය.

ගමේ කටින පින්කමේ කාවඩි නැටුමට මොනර පිහාටු සෙවීම සඳහා ත්‍රි රෝද රථයත් රැගෙන ගිය 14 හැවිරිදි පාසල් සිසුන් පිරිසකට මෙම පොලිස් වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. පොලිසිය කියන්නේ අණ නොතකා වෙට්ටු දමමින් ත්‍රීරෝද රථය ධාවනය වූ බවය.

අනතුරුව ත්‍රීරෝද රථය නැවතී ඇති බවත් මෙම දරුවන් ත්‍රී රෝද රථය අතහැර පලා ගිය බවත්ය.

පසුපසින් පන්නා ගොස් ඔහුව අල්ලා ගනිද්දී අගුලු නොදමා තිබුණු පිස්තෝලය පත්තු වී මේ දරුවා තුවාල ලද බවය.

මේ ආකාරයෙන්ම නුවර පාරේ දන්ඕවිට දී වැරදි වෙඩිල්ලක් වැදී බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක් එතැනම මිය ගියාය.

ත්‍රී රොද රථවල අපරාධ අල්ලන්නට යන ගිනි අවි භාවිතය නොදත් ලොන්ත පොලිස්ලා හතර අතේ ඉන්න අසරණ මිනිසුන්ගේ ජීවිත බිලි ගන්නා ආකාරය පොලිස් දෙපාර්තමේන්තුවම පුනරුත්ථාපනය කළ යුතු ආකාරයක් කියා දෙන්නේය.

මේ වනවිට ජීවිතය අල්ලා ගන්නට පොරදමින් සිටින පාසල් සිසුවාගේ සහෝදරයකු වූ තිසර ධනංජය මෙසේ කීවේය.

අපේ පවුලේ මමයි අක්කයි නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. මල්ලිට වෙඩිතියලා කියා දැනගන්න ලැබුනා. මම එම ස්ථානයට ගියා මල්ලිගේ හිසට වෙඩි තියලා තිබුනා.

විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පිංකමට මොනර පිහිටු අහුලන්න තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ.

ත්‍රිරෝද රථයෙන් තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ. පොලිසියෙන් තමයි වෙඩි තියලා තියෙන්නේ. පසුව පොලිස් නිලධාරින්ම තමයි ඔහු රෝහලට  ඇතුළත්කරලා තියෙන්නේ.

යැයි තිසර කිවේය.

ගිනි අවියක් භාවිත කරන්න දන්නේ නැති ලොන්ත පොලිස්ලා සේම වගකීමක් රහිත දෙමව්පියන් හා වැඩිහිටියන් ද මේ අපරාධයට වගකිව යුතුය.

තවමත් 14 වියේ පසුවන දරුවෙකුට ත්‍රී රෝද රථයක යතුර දී අහවල් දේ කරගෙන වරෙන් යැයි කියන වැඩිහිටයන් ද දැන් සිරමැදිරියේ දමා සිටින පොලිස් නිලධාරියා සමගම බන්ධනාගාර ගත කළ යුතුය.

මේ අපරාධයට ඔවුන්ද වගකිව යුතු බව අපගේ හැඟීමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *