Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගතවූ පැය 24 තුළ මහා මාර්ග රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඉන් මරණ 10ක් ම ඊයේ දිනය තුළ වාර්තා වුණු මරණ බවයි ඔහු සඳහන් කළේ.

එමෙන් ම, ඊයේ (14) දිනය තුළ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

අනෙකුත් වාර්තාවී ඇති මාර්ග රිය අනතුරු ගණන 109 කි.

ඒ අනුව, වාර්තාවී ඇති මුළු රිය අනතුරු ගණන 121ක් පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එම රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74 දෙනෙකු පමණ වන අතර එලෙස අනතුරට ලක් වූ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි (53ක්) වනවා.

අද (15) දිනයේ මෙම තත්ත්වය වැඩි විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර, ගත වුණු පැය 24 තුළ අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් ගණන 758ක් පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඊයේ දියත් කළ එම මෙහෙයුම අද දිනයේ ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *