සියලු සිසුන් සඳහා සෑම ශ්‍රේණියක්ම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරමින් පාසල් හෙට (09) සිට විවෘතවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
කෙසේ වෙතත් පාසල් ආපනශාලා විවෘත කිරීමට තව දුරටත් අවසර නැති බවත් තමන්ගේ ආහාර සිසුන් පිටතින් සපයාගත යුතු බවත් අමාත්‍යාංශය දන්වා සිටී.
සෞඛ්‍ය නිර්දේශ ලද විගස පාසල් ආපනශාලා විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කොළඹ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජී.එන්. සිල්වා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ කිසිදු බියක් නොදක්වා සියලු සිසුන් පාසල් වෙත එවන ලෙසයි.