සිඟිති පාතාලය යනුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කුඩා දරුවන්ගේ ප්‍රචන්ඩකාරී වීඩියෝ සම්බන්ධව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කළේ පොළොන්නරුව සහ නිකවැරටිය ප්‍රදේශවල සිටින තම අධිකාරියේ නිලධාරීන් හරහා මෙම දරුවන් සොයා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම පරිගණක අපරාධ ඒකකය, CERT ආයතනයට සහ අදාළ පොලිසි සඳහාද මේ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය දැනුම් දී තිබෙනවා.
මෙම දරුවන් මෙහෙයවන වැඩිහිටියන් සම්බන්ධවද ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ කටයුතු කළ හැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.
මෙම වීඩියෝ තුළ පෙනී සිටින දරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් ඒ පිළිබඳ ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට අමතා තොරතුරු ලබා දෙන්නැයි ඒ මහතා ඉල්ලා සිටියා.