ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දා රූපවාහිනී වැඩසටහනක දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එමෙන් ම, අදාළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
පොල්තෙල් පමණක් නොව විෂ සහිත ආහාර තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු හෙළි කළහොත් නිෂ්පාදකයින් බිඳවැටිය හැකි යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දා රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශයක් කර තිබිණි.
අදාළ ප්‍රකාශය සමාජයේ දැඩි අවධානයට ලක් වුණු අතර සංවිධාන කිහිපයක් ම ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණි.