Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය සඳහා වන එක්සත් ජනපද තානාපති සින්ඩි මැකේන් මහත්මිය අද (25) දිවයිනට පැමිණෙනවා.

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණයි.

මෙරට ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර සංවර්ධන වැඩසටහන පිළිබඳ සොයා බැලීම මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කැපවීම මෙන්ම හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් සින්ඩි මැකේන් මහත්මිය මෙම සංචාරයට එක්වනවා.

ඇය ලබන 28 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සමඟ එක්ව සින්ඩි මැකේන් මහත්මිය මධ්‍යම පළාතේ පාසල්, කෘෂි කර්ම පර්යේෂණ ආයතන, ප්‍රජා සංවිධාන සහ එක්සත් ජනපද අරමුදලෙන් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් පිළිබදව සොයා බැලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *