Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නිතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව පසුගියදා අවසන් වූ විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටිනවා.

අද (06) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

මට මේ දේ කරපු සියලු දෙනාටම මම සමාව දෙනවා. දෙවියන් වහන්සේ අපිට ඉගැන්නුවේ කාටවත් වෛර කරන්න එපා කියලයි. මගේ දෙමව්පියන් මාව හැදුවේ ඒ විදිහට

පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් විවාහක රූ රැජිණ තරගයේ මෙරට ජාතික තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ කණගාටුවට පත්වන බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *