Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඊයේ දිනයේ වාර්තා වුණ නාවික හමුදා නිලධාරිනියක් සමග විවාහවී සිටින යුධ හමුදා නිලධාරියා සිටි කඳවුර මෙළෙස නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.