Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සීනි ආනයනය කිරීම මගින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ගොනු කර තිබේ.

ආනයනික සීනි සඳහා පනවූ බදු වංචාවක් මගින් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා මෙලෙස හිටපු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොනු කර ඇත.

හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (12) උදෑසන තමන් සහ නීතිඥ සුනිල් වටගල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කොට ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, විල්මා සමාගමේ සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන මහත්වරු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *