හිරු ටීවී නාලිකාවේ ප්රවෘත්ති අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල සුදේව හෙට්ටිආරච්චි සහ වැඩසටහන් නිවේදකයෙකු වශයෙන් ක්‍රියාකල රංගන ද සිල්වා හිරු නාලිකාවේ සේවයෙන් ඉවත්වී තිබේ. ඔවුන් දෙදෙනාම ස්වර්ණවාහිනී නාලිකාව අයත් ඊ.ඒ.පී මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධවී ඇති බවයි වාර්තා වන්නේ.
හිරු නාලිකාවේ ආරම්භයේ සිටම එම නාලිකාව සමඟ කටයුතු කල මේ දෙදෙනා ඊ.ඒ.පී මාධ්‍ය ජාලයේ කළමනාකාරීත්වය වෙනස්වීමෙන් පසුව ඒ සමඟ සමන්ධ වීමට තීරණය කර තිබේ.
දිනපතා උදෑසන “පත්තරේ විස්තරේ” සහ කොපි චැට් වැනි වැඩසටහන් හරහා රංගන ද සිල්වාත්, හිරු ටී.වී බලය දේශපාලන සංවාදය හරහා සුදේවත් හිරු ටීවී ප්‍රේක්ෂකයින් හමුවට පැමිණියා.
මින් පෙරදී හිරු එෆ්.එම් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වූ අරවින්ද ලොකුගේ ද හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වූ අතර ඔහු විසින් මෙහෙය වූ අරා-පැස්බරා වැඩසටහන මෙරට ගුවන්විදුලි ශ්රාවකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් විය.