Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකන් බ්ලූ වර්ගයේ සුනඛයන් 5 දෙනෙකු සතියක් තිස්සේ කුසගින්නේ තැබූ ව්‍යපාරිකයෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ මිය ගිය ගැබ්බර සුනඛ දේනුවක් ද සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස සුනඛයින්ට ආහාර ලබා නොදී ඇත්තේ, ගල්කිස්ස, රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිසිනි රියාස් නැමැති පුද්ගලයෙක්.

මාස 5ක් වයස සුනඛයන් දෙදෙනෙකු, වසර දෙකක් වයස සුනඛයන් දෙදෙනෙකු, සහ වසර තුනක් වයසැති සුනඛයෙකු ඒ අතර සිටි බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.

කුසගින්නේ සිටි සුනඛයින් මිය ගිය ගැබ්බර සුනඛ දේනුවගේ ශරීර කොටස් අනුභව කරන බවට ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත මෙය අනාවරණය වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සුනඛයින් විකිණීමේ ව්‍යාපාරයක නිරත වන මෙම පුද්ගලයා දින තුනකට ප්‍රමාණවත් ආහාර සුනඛයින්ට ලබා දී නිවසින් පිටව ගොස් තිබුණද , කාර්යයබහුල වීම හේතුවෙන් දින 7ක කාලයක් යළි පැමිණීමට නොහැකි වූ බවට අදාළ පුද්ගලයා ප්‍රකාශ කළ බව පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *