Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහාචාර්ය රසික වික්‍රමසිංහ වසර 25ක් ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, මේ වනවිට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ඇමරිකාවේ හිල්ස්ටන් රෝහලේ සේවය කරන හෙතෙම, ඊට අමතරව ඇමරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ද මහාචාර්යය වරයෙක් ලෙසත් කටයුතු කරනවා.

මහාචාර්ය රසික පහුගිය දවසක ඇමරිකාවේ ජනතාව වෙනුවෙන් යූ ටියුබ් එකේ විඩියෝවක් කළා මේ කොරෝනා වෛරසයේ බරපතල තත්ත්වය ගැන අවබෝධ කරලා දෙන්න. ඒ විඩියෝවට ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාරය හා එය ලංකාවේ ජනතාව වෙනුවෙන් සිංහලෙන් කරන්න කියලා ලැබුණු ඉල්ලීම් නිසා මහාචර්ය රසික මේ විදිහට සිංහල වීඩියෝ එකක් කරලා තියෙනවා.

මහාචාර්ය රසික මේ කියන කතාව බොහෝම හොදින් අහන්න. එතකොට ඔබට තේරේවි අපි ඉන්නේ කොයි තරම් අවදානම් තත්ත්වයකද කියලා.

මහාචාර්ය රසික කියන මේ කරුණු හොඳින් හිතට ගන්න. ඒ අනුව පිළිපදින්න. ඔබේත් ඔබේ පවුලේ අයගේත් ඉන් ඔබ්බට ගොස් සමස්ත සමාජයේත් ජීවිත වල වගකීම ඔබ සතු බව තරයේ සිහි තබාගන්න. නියමිත සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව ජීවත් වෙන්න.

වීඩියෝව පහතින් බලන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *