Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු කොරියාවේ සෝල් අගනුවර උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 120 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. 

තවත් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හැලොවීන් උත්සවයක් සඳහා පැමිණි ජනකායක් අතර මෙම තෙරපීම සිදුවී ඇති බව සඳහන්.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බැවින් තුවාල ලැබූ සහ මියගිය පිරිස ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෝල් අගනුවර පවතින සියලුම වෛද්‍ය මධ්‍යස්ථාන ද ඇතුළුව හදිසි සේවකයින් 400 කට වැඩි ප්‍රමාණයක් සහ ගිලන් රථ 140ක් යොදවා තිබෙනවා.

ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට නියෝග කළ බවයි ඔහුගේ කාර්යාලය කියාසිටියේ.

දකුණු කොරියානු බලධාරීන් පැවසුවේ සිද්ධියට නිශ්චිත හේතුව සොයා බලන බවයි.

Update :

මරණ සංඛ්‍යාව 146 දක්වා වර්ධනය වී ඇති බවට කොරියානු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *