Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් පමණක් එක දිගට දින තුනක් මෙලෙස ප්‍රශ්න කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළා.

එවැනි මිලකට ජර්මානු සමාගමකින් පමණක් පීසීආර් කට්ටල මිලදී ගැනීමට සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව සඳහන්.

මෙම විමර්ශනවල දී පීසීආර් මාෆියාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් සිවුදෙනකු හා රසායනාගාර නිලධාරීන් ගැනද අනාවරණය වී ඇති බවත් මාෆියාවට සම්බන්ධ සමාගමෙන් ලැබෙන වරදාන සැලකිල්ලට ගෙන හිතවත්කම් මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි දැනට තොරතුරු අනාවරණය වී ඇති බවත් රජයේ ප්‍රධානියෙක් සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *