Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙනවා.

ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.

මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඒ අතර සිටිති.

ආසාදිත ඇමතිවරිය කෑගල්ලේ දම්මික නැමැත්තාගේ කොරෝනා පැණියද ප්‍රසිද්දියේ පානය කළ අතර පසුගිය කාලයේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට රාජකිය වෛද්‍යවරයා යැයි හදුන්වන ඒලියන්ත වයිට්ගේ උපදෙස් පිට ගංගාවලට මුට්ටි අත ඇරිමටද සහභාගි වුවාය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *