Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොවිඩ් වසංගතයේ අවදානම සලකා බලමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කොට ඇතිබව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව කාර්යමණ්ඩල රාජ්‍ය සේවය සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබේ.

එනම් ලබන සඳුදා (09) සිට කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණි.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට හිමිවන බවය.

මේ අතර රටතුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම රාජ්‍ය උත්සව ද සැප්තැම්බර් 01 වනදා තෙක් කල්දැමීමට තීරණය කර තිබේ.

පවතින වසංගත තත්වය හේතුවෙන් මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි පිරිස තවදුරටත් සීමා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව 500කට වැඩි ආරාධිතයින් ගණනකට රැස්විය හැකි උත්සව ශාලාවල පමණක් 150ක් දක්වා ආරාධිතයින් සංඛ්‍යාවක් රැස්කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

උත්සව ශාලාවේ රැස්කළ හැකි පිරිස 500කට වඩා අඩුනම් සහභාගීවිය හැක්කේ උපරිම සිය දෙනෙකුට පමණයි‍.

මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක්වරකට සහභාගී විය හැක්කේ 25කට වඩා අඩු පිරිසකට පමණක් බවද ඔහු සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *