සෞදි අරාබියේ නගර කිහිපයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර 14 ක් එල්ල කළ බව, යේමනයේ හූති කැරලිකරුවන් පවසනවා.
ඔවුන් නිවේදනය කළේ, ඇරම්කෝ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන, රියාද්, ජෙඩා ඇතුලු නගර කිහිපයක හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
සෞදිය ප්රමුඛ හමුදා සන්ධානය යේමනය ආක්‍රමණය කිරීමට දරන උත්සහයට ප්‍රතිප්‍රහාර වශයෙන් එලෙස ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව හූති කැරලිකරුවන් පවසනවා.
එහෙත් සෞදි අරාබිය ප්‍රකාශ කළේ සනා අගනුවර ඉලක්ක කිහිපයක් වෙත සිය හමුදා ඩ්‍රෝන ප්‍රහාර 13 ක් එල්ල කළ බවයි.
2014 වසරේ සිට යේමනයේ සනා අගනුවර ඇතුලු විශාල භූමි ප්‍රමාණයක් හූති කැරලිකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.
යේමනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකාව දැරූ උත්සහය ද ව්‍යර්ථ වුණා.