Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකුට හා සිසුන් 5 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී බී.එම්. දයාවංශ මහතා පවසයි.

ලේඛකාධිකාරීවරයා පැවසුවේ, විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු අප්‍රේල් 19 වන දා සිට ආරම්භ කළ බවත් එම කටයුතු සිදු කළේ, සිසුන් ජෛව බුබුළක් ආකාරයට සකසා බවත් ය.

නමුත් රට තුළ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අප්‍රේල් 26 වන දා සිසුන් නිවෙස්වලට පිටත් කර යැවීම සඳහා විශ්වවිද්‍යාලය කටයුතු සූදානම් කර තිබේ.

ඒ අතර කාලයේ දී අප්‍රේල් 25 වන දා රාත්‍රියේ එක් සිසුවෙකු අසනීප වී රෝහල්ගත කිරීමට සිදු වූ බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව අනාවරණය වූ බවත් ලේඛකාධිකාරීවරයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් අනෙක් සිසුන් නිවෙස්වලට යැවීමේ කටයුතු අත්හිටවූ බවත් රාජගිරිය සහ දෙහිවල පිහිටා ඇති විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ ඔවුන් නිරෝධායනය සඳහා යොමු කළ බවත් ඔහු පැවසීය.

මේ වන විට එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට යොමු කර ඇතැයි ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තව ද ඔහු පැවසුවේ, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු මේ වන විට නවතා ඇති බවත් නිරෝධායනය වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලන අංශය පවත්වාගෙන යන බවත් ය.

Sharing is caring!

1 Comment

  • Thp, 2021-04-29 @ 6:49 PM Reply

    බලනවා මගුලක් පරිපාලනෙන්. අද වෙනකන් ඒ ළමයින්ට සීවිටමින් පෙත්තක්වත් දීලා නෑ. උන් දෙන්නෙ නැති නිසා කැම්පස් එකේ සීනියස්ලා අවශ්‍ය බඩු අරන් ඇවිත් දෙන්න හැදුවාම ඒකට ඉඩ දෙන්නෙත් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *