Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හංවැල්ල නගරයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි නිරිපොළ, වක් ඔයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද දහවල් හමුවූ මෙම මළ සිරුර පිළිබඳව තොරතුරු අනාවරණය නොමැති අතර අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළ බවය.

අදාළ මළ සිරුර දින කිහිපයක් පැරණි එකක් බව ද පොලිසිය පැවසීය.

පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇහැළියගොඩට යොමු කර තිබේ.

මේ අතර කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර ද හංවැල්ලේ සිට ගෙන ගොස් ඇතැයි මේ වන විට තහවුරු වී ඇත.

පොලිසිය ප්‍රකාශ කළේ, මෙම මරණ දෙක අතර යම් සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවය.

කෙසේ වෙතත්, එවැනි සම්බන්ධයක් ඇතැයි මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය පැවසීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *