Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හදිසි නීති රෙගුලාසීවලට අදාල විවාදය ලබන සඳුදා (06) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණයකර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසීවලට අදාළ ප්‍රකාශනය සඳුදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.

මේ අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තිරණය වී තිබුණි.

ඒ අනුව ලබන 06 සහ 07 යන දෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 07 වන දින පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *