Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහමග හදිසියේ මියයන පුද්ගලයන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

මහමග ඇදවැටී සිදුවන මරණ කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය දිනවලදී වාර්තා වූ අතර සෞඛ්‍ය බළධාරීන් ප්‍රකාශ කළේ මෙම මරණවලින් බහුතරයකට කොවිඩ් වෛරසයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. කෙසේ වෙතත් මෙම මරණවලට හේතුව කොවිඩ් වෛරසය බවට සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පුවත් පැතිර ගිය අතර පොලීසිය ප්‍රකාශ කළේ එම පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කර තිබුණා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අද (16) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම චෝදනා මත මීට පෙර කඩුගන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *