Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල, හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් 05 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ඇසුරු කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන්.

පසුගියදා එම පොලිස් නිලධාරියා සහභාගි වූ උත්සවයකට, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ද සහභාගී වී ඇති අතර එම සේවකයාට කොරෝනා ආසාදනය වී ඇති බවට පසුව හඳුනාගෙන තිබුණා.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා ද PCR පරීක්ෂණයකට ලක්කර ඇති නමුත් ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට හඳුනාගත් බවයි හබරාදූව පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් පොලිස් නිලධාරින් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් ස්ථානයේ කටයුතු බාධාවකින් තොරව සිදුවන බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *