Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මියන්මාරයේ හමුදා දිනය සැමරීම අතරතුර හමුදා පාලනයට එරෙහිව විරෝධතා සිදු කිරීම සඳහා එක්ව සිටි මියන්මාර වැසියන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 114 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියන්මාරයේ හමුදා දිනය වෙනුවෙන් ඊයේ එරට ආරක්‍ෂක අංශ විශේෂ රථ පෙළපාලියක් පැවැත්වූ අතර මේ අවස්ථාවේදී මියන්මාර වැසියන් හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා දියත් කර තිබුණා.

එහිදී මියන්මාර හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් 114 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට මේ දක්වා මියන්මාරයේ පැවැති විරෝධතා මාලාව අතරතුර උද්ඝෝෂකයින්ට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් දිනකදී මියගිය වැඩිම පිරිස මෙය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්