Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.

එයට අදාල පත්වීම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (02) පිරිනමනු ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී තනතුරට අමතරව නියෝජ්‍ය මහලේකම්, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සහ සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *