හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කර තිබෙනවා.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පැනවෙනවා.
පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම කොරෝනා රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බවයි.
නොවැම්බර් 12 වැනිදා සිට ඊයේ දක්වා හලාවත වැල්ල ප්රදේශයෙන්කොරෝනා රෝගීන් 29 දෙනෙකු වාර්තා වී තිබෙනවා.