Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (12) සිට වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000 සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පවසනවා.

සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා එම සහල් අලෙවි කිරීමටයි කටයුතු කර තිබෙන අතර රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 197 කටත්, නාඩු කිලෝවක් රුපියල් 199 කටත්, සම්බා කිලෝවක් රුපියල් 205 කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 කටත් මිලදී ගත හැකියි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉකුත් මැයි මස දෙවනදා නිකුත් කල ගැසට් පත්‍රයට අනුව දේශිය නාඩු කිලෝවක මිල රුපියල් 220 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 230 සහ දේශිය කිරි සම්බා කිලෝවක මිල 260 වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *