Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හැටන් නගරයේ පිහිටි සියලුම මාළු වෙළදසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ හැටන් පොලිසියේ නිලධාරීහු කටයුතු කර තිබෙනවා.

පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම අලෙවිසැල්වල සේවය කරන සියලුම සේවකයින් PCR පරීක්ෂණයකට යොමුකිරීම සදහා එම වෙළඳසැල් වසා දැමිමට පියවර ගත් බවයි හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේ.

පෑලියගොඩ මාළු වෙළඳැසැලේ කොවිඩ් 19 වයිසරය අසාදනය වු සේවකයෙකුගේ හැටන් දික්ඔය දරවල වත්තේ පිහිටි නිවසේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු ඊයේ (22)කටයුතු කර තිබෙනවා.

පැලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක්ද අද(23) වසා දමා එහි සේවකයින්ව PCR පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *