Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.

තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේය.

තමන් විස්කි බිබි කළ බව කියන සාකච්ඡාවක් ගැනද අලුත්ගමගේ මහතා පවසා ඇතැයිද කියු ඔහු තමන් මත්පැන් සිගරට් බොන අයකු නොවන බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.