Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසයි.

විනය හේතූන් මත මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති ලිපියක දැක්වෙන්නේ.

මේ අනුව පුරප්පාඩු වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩබැලීම සඳහා නීති / විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබෙනවා.

මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10 ක් / ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් / පොලිස් අධිකාරීවරයෙක් / සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවීම් පිරිනමා තිබෙනවා.

එමෙන්ම මඩකලපුව දිසාව භාරව සිටියදී ප්‍රවර්ථන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස එන් එල් විජ්සේන මහතාට ලබාදී තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමටද පොලිස්පතිවරයා විසින් නියම කර ඇති බව සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *